colombotimes.lk
සිංහල | English

01 May 2024

දේශපාලඥයන් රැසකගෙන් තෙවරප්පෙරුමට අවසන් ගෞරව



හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (17) රාත්‍රියේ සිට ප්‍රදේශවාසීන් සහ දේශපාලඥයන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණෙමින් සිටිනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු මැති ඇමතිවරු රැසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (19) පස්වරුවේ හිටපු අමාත්‍යවරයා විසින් නිර්මාණය කළ සුසාන භූමියේදී සිදු කරන බව සඳහන්.

(colombotimes.lk)