colombotimes.lk
සිංහල | English

19 May 2024

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පි රෙක්ස්ගේ අවසන් කටයුතු අද



ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතාගේ දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා. 

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) පස්වරු 4.00ට කොළඹ කනත්තේදී සිදු කෙරෙනවා. 
 
සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව අරුථයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි මහතා පසුගිය 24 වැනිදා පෙරවරුවේ අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු වුණා.
(colombotimes.lk)