colombotimes.lk
සිංහල | English

04 May 2024

ලබන 30 වැනිදා සජබය පාරට බසියි



ලබන 30 වැනිදා ජනතාව පාරට බස්සන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

ඒ වැට් වැඩි කිරීමට විරුද්ධවයි. 
 
ඒ අනුව එදින පළමුවෙන්ම ජනාධිපති කාර්යාලය අසලට ගොස් සටන පටන් ගන්නේ ද සමගි ජන බලවේගය බවත් ලබන 30 වැනිදාටත් අළු මතින් නැගිට ජනතාව සමඟ සටන අරඹන බවත් මරික්කාර් මහතා සඳහන් කළා. 
 
අමතක වූ ඉතිහාසය නැවත ආණ්ඩුවට මතක් කර දී ආණ්ඩුව එළවා දමා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)