colombotimes.lk
සිංහල | English

03 May 2024

රන් භාණ්ඩ සොරා ගත් අලෙවි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට



කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රන් භාණ්ඩ සොරකම් කළ එම ආයතනයේම අලෙවි නිලධාරිවරයෙකු හා රන් භාණ්ඩ අංශය භාර නිලධාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඊයේ (22) කලවාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් කලවාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26-33ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු බවයි පොලීසිය පවසන්නේ.

මූල්‍ය ආයතනයේ තිබූ රු 68,978,357ක් වටිනා මාල, මුදු, වළලු, බේස්ලට්, කරාබු, පෙන්ඩන් ඇතුළු රන් භාණ්ඩ කිලෝ 03 ග්‍රෑම් 770ක් සහ කැමරා පද්ධතියේ ඩෙකෝඩරය සොරාගෙන ගොස් ඇති බවට එම ආයතනයේ වැඩබලන කලමණාකරු විසින් කලවාන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)