colombotimes.lk
සිංහල | English

01 May 2024

PHOTOS | කාසල්රි ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්



කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවෙකු අතුරුදහන් වී ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසනවා.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ කාසල්රි වතුයායේ පදිංචිව සිටි නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවෙක්.

ඔහු සිය පවුලේ සමාජිකයන් සමඟ අද (18) පස්වරුවේ ජලාශයේ දිය නෑමට ගොස් ජලාශයේ එගොඩ දක්වා පිහිනමින් සිටියදී දියේ ගිලි අතුරුදහන් වී ඇති බව පවුලේ සමාජිකයන් ප්‍රකාශ කළා.

සිසුවාගේ සිරුර සොයා කාසල්රි ජලාශය භාර ආරක්ෂක අංශ නිලධාරීන්, එම ජලාශයේ ධීවරයන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වනවා.

(colombotimes.lk)