colombotimes.lk
සිංහල | English

03 May 2024

මොරගහහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක්



මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ අද (23) අලුයම 1.50ට පමණ මීගොඩ, දෙල්කැටිය හන්දිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට සූදානම් වන විට අදාළ ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයින් පොලීසිය දෙසට වෙඩි තබා මොරගහහේන ප්‍රදේශයට පලාගොස් ඇති බවයි.

ඒ අනුව, අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයට මොරගහහේන මීපේ පාර, ටයර් කර්මාන්තශාලාව අසළදී කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙඩි තබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.

එමෙන්ම ත්‍රිරෝද රථයේ සිටි තවත් අයෙකු ඉන් පලාගොස් තිබෙනවා.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42 තණමල්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සහ 35 හැවිරිදි පුද්ගලයෙක්.

ඒ අනුව අදාළ ත්‍රිරෝද රථයේ තිබී ගිනිඅවියක් සොයාගත් බව ද පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)