colombotimes.lk
සිංහල | English

18 May 2024

SL Vs BAN - 1st Test | ධනංජයගෙන් සහ කමිඳුගෙන් ශතක දෙකක්



ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය මේ වන විට ක්‍රියාත්මක වනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ශතකය බැගින් වාර්තා කරන්නට සමත්වුණා.

ධනංජය ද සිල්වා වාර්තා කළ 11 වන ටෙස්ට් ශතකය වන අතර ටෙස්ට් නායකයා ලෙස ඔහු වාර්තා කළ පළමු ශතකය මෙය වනවා.

එමෙන්ම කමිඳු මෙන්ඩිස් වාර්තා කළ ශතකය ඔහුගේ මංගල ටෙස්ට් ශතකය ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

 
(colombotimes.lk)