colombotimes.lk
සිංහල | English

18 May 2024

මැයි දිනය වෙනුවෙන් අද සිට විශේෂ වැඩපිළිවෙළක්



මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා.

කොළඹ නගරය ඇතුළු මැයි රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

කොළඹ නගරයේ මැයි දින පෙළපාලි සහ රැළිවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6000ක් යොද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මේ අතර අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසනවා.

එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබා ගත යුතු බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)