colombotimes.lk
සිංහල | English

17 May 2024

පැරදුණු සිංහයන් යළි ලංකාවට (PHOTOS)



ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම නැවතත් දිවයිනට පැමිණියා. 

ඒ ඊයේ පැවති ශ්‍රී ලංකාව සමඟ තරගයෙන් කඩුලු 5 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමෙන් අනතුරුවයි. 
 
ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටියා. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, භෞතචිකිත්සකයින් සහ නිලධාරීන් ගුවන් තොටුපලට පැමිණියා. 
 
ඔවුන්ට ගුවන් තොටුපළෙන් පිටවීමට පොදු බස් රථයක් සූදානම් කර තිබුණද බොහෝ ක්‍රීඩකයින් සිය පෞද්ගලික වාහනවලින් තම නිවෙස් බලා පිටත්ව යනු දක්නට ලැබුණා. 
 
ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපළේ සහ ඒ අවට තවත් ආරක්ෂක නිලධාරීන් යොදවා තිබුණා.
 
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ජයගත හැකි වූයේ තරග දෙකක් පමණයි. 
 
ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය සහ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයයි.
(colombotimes.lk)