colombotimes.lk
සිංහල | English

19 May 2024

විදේශගතව සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන අයට වැඩ වරදින ලකුණු



විදේශගතව සිට ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. 

ඒ අනුව මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ එවැනි පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා අනාවරණය කළේ. 
 
එම සැකකරුවන් 30 දෙනාගෙන් 29 දෙනෙකු ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ප්‍රංශය කේන්ද්‍ර කරගෙන සිටින එක් අයෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා. 
 
එමෙන්ම අවශ්‍යව සිටින පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් අදාළ රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ. 
 
යුක්තිය විශේෂ මෙහෙයුමට බාධා කළ ද ඉදිරි මාස හය ඇතුළත මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නවතා දමන බවට අමාත්‍ය අලස් මහතා අනතුරු අඟවා තිබෙනවා.
(colombotimes.lk)