colombotimes.lk
සිංහල | English

03 May 2024

ප්‍රදේශ කිහිපයකට ලබන 24 වනදා ජල කප්පාදුවක්



සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

මෙම ජල කප්පාදුව අප්‍රේල් මස 24 වන බදාදා පෙ.ව 8.30 සිට ප.ව 8.30 දක්වා සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක / සීදුව නගර සභා ප්‍රදේශයටත්, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.
(colombotimes.lk)