colombotimes.lk
සිංහල | English

19 May 2024

යුක්‍රේන ජනපති ඝාතනයට කාන්තාවක් තැත් කරයි



යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මෙය රුසියානු කුමන්ත්‍රණයක් බවත් ඒ සම්බන්ධයෙන් කාන්තාවක් සැක පිට අත්අඩංගුවට ගත් බවත් යුක්‍රේන ආරක්ෂක අංශ පවසනවා. 
 
පසුගිය ජුනි මාසයේදී Kakhovka වේල්ල කැඩී යාමෙන් ගංවතුරෙන් පීඩාවට පත් Mykolaiv නගරය වෙත ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර එම ගමන් විස්තරය සොයා ගැනීමට ඇය උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
අත්අඩංගුවට ගැනීම පිළිබඳව යුක්‍රේනයේ ආරක්ෂක අංශ තමාට දන්වා ඇති බව Volodymyr Zelensky තහවුරු කර තිබෙනවා. 
 
ඇයව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් අදහස් දක්වා නොමැති බවද සඳහන්.
(colombotimes.lk)