colombotimes.lk
සිංහල | English

19 May 2024

යුක්තිය මෙහෙයුම අද සිට යළිත් ඇරඹේ



මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම අද සිට පෙර පරිදිම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. 

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියල්ල නීතියේ රැහැනට හසු කර ගන්නා තෙක් මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කළේ. 
 
ඊයේ හා පෙරේදා යුක්තිය මෙහෙයුමේ සෝදිසි කිරීම් සීමා කෙරුණා. 
 
ඒ නත්තල වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ හා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හේතුවන්. 
 
යුක්තිය මෙහෙයුමේදී සතියක් තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව, 13,666 ක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 717 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ගෙන තිබුණා.
(colombotimes.lk)