colombotimes.lk
සිංහල | English

13 May 2024

"යුක්තිය" මෙහෙයුම හරහා පසුගිය පැය 24 තුළ සිදු වූ දේ මෙන්න



'යුක්තිය' මෙහෙයුම හරහා පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,166 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගත් පිරිසෙන් 66 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර සැකකරුවන් 14දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය පැවසුවේ. 
 
එමෙන්ම තවත් 226 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර තිබෙනවා. 
 
එසේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 169 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. 
 
අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 370ක්, අයිස් ග්‍රෑම් 556ක්, ගංජා කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 800ක්, මාවා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 500ක් සහ මත්පෙති 1,075ක් ද සොයා ගෙන තිබෙන බව ද පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)