22 November 2024


චීනයෙන් මෙරටට රුපියල් මිලියන 400ක ආධාරයක්



චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ පසුගිය දිනවල මෙරට තුළ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පසුගිය 22 වනදා ද චීන රජය රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කළා.
 
මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ එම මුදල් ආධාරයට අමතරව මෙම ආධාරය ලබාදුන් බවයි.

(colombotimes.lk)