22 November 2024


වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට නිර්දේශ ලබා ගැනීම සඳහා කමිටුවක්



වන අලි දුම්රියේ ගැටීම් වළක්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

එම නිර්දේශවලට අනුව දුම්රිය අනතුරුවලින් වන අලි මියයාමේ සිද්ධීන් අවම කිරීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා එක් විසඳුමක් ලෙස මේ වන විට මඩකලපුව මාර්ගයේ දහවල් කාලයේ පමණක් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)