අස්වැසුම සමාජ සුබ සාධක ප්රතිලාභ වැඩසටහනෙන් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳව සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ විෂයභාර අමාත්‍ය විජිත හේරත්ගේ උපදෙස් මතයි.
එම කමිටුව සාමාජිකයන් දස දෙනෙක්ගෙන් සමන්විත වනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කළ කරුණු විමසීමේදී පැවති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්.
සමෘද්ධිලාභීන් ලෙස ප්රතිලාභ ලබමින් සිටි අස්වැසුම ප්රතිලාභ අහිමි වූ පුද්ගලයන් පිළිබඳව මෙමඟින් සොයා බලන බව සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න සඳහන් කළා.
(colombotimes.lk)