22 November 2024


මහජන බැංකුවේ නව සේවා මධ්‍යස්ථානයක් ගම්පහට



මහජන බැංකුවේ නව සේවා මධ්‍යස්ථානයක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ගොඩනැගිලි පරිශ්‍රයේදී පසු ගියදා විවෘත කළා.

එහිදී සුබ මොහොතින් නව ගනුදෙනුකාර තැන්පතු භාර ගැනීම සිදු වූ අතර ගනුදෙනුකරුවන්ට පුද්ගල ණය පිරිනැමීමද සිදු කෙරුණා.
 
මහජන බැංකුවේ ගම්පහ ශාඛාවට අනුබද්ධිත මෙම නවතම සේවා මධ්‍යස්ථානය අති නවීන ඩිජිටල් තාක්ෂණයෙන් සහ සුවිශේෂී සේවාවන්ගෙන් සමන්විතයි.

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක, මහජන බැංකුවේ ගම්පහ ප්‍රාදේශීය කළමනාකාර ජී. ආර්. එස්. කෝදාගොඩ, සහකාර ප්‍රාදේශිය කළමනාකාරිනි යූ. ඒ. එල්. ශ්‍රීමති, ගම්පහ ශාඛා කළමනාකාර ලසන්ත රණතුංග, සේවා මධ්‍යස්ථාන කළමනාකාරිනි චායා අන්ද්‍රාදි යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.







(colombotimes.lk)