හබරාදුව පොලිස් වසමේ මිහිරිපැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරුපැදියක් මාතර සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියක පිටුපස කොටසේ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදියේ පසුපස සිටි පුද්ගලයා එම ස්ථානයේම මිය ගොස් ඇති බවයි.
එලෙස මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 51ක් වන මරදානගේ වත්ත, තල්පේ ප්රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළා.
බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුව ප්රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
(colombotimes.lk)