08 November 2024


ඇමති නිල නිවාස 05ක් ගැන විශේෂ පරීක්ෂාවක්



හිටපු අමාත්‍යවරුන් 5 දෙනෙක් භාවිත කළ රජයේ නිල නිවාස භාරගැනීම තවදුරටත් අවසන්ව නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අදාළ නිවාසවල පවතින ඇතැම් ගැටලු හේතුවෙන්.

මේ වන විට පවතින ගැටලු කඩිනමින් නිරවුල් කරන ලෙසට ඔවුන්ව දැනුවත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ ලබන සතියේදී භාරනොදුන් නිවාස පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවයි.

එම අවස්ථාවල හිටපු අමාත්‍යවරයෙක් හෝ ඔහුගේ සමීපතමයන් අදාළ නිවසේ රැඳී සිටින බවට තහවුරු වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම අමාත්‍යාංශය සඳහන් කළා.

(colombotimes.lk)