22 November 2024


මහජන බැංකුව වෙතින් 2024 වසරේ සාර්ථක ණයකර නිකුතුවක්



මහජන බැංකුව සාර්ථක ණයකර නිකුතුවක් අවසන් කරමින් රුපියල් බිලියන 10කට වඩා වැඩි මුදලක් රැස් කරගෙන තිබෙනවා.

මහජන බැංකුව මෙමඟින් බලාපොරොත්තු වන්නේ බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතය ශක්තිමත් කිරීමට, බැංකුවේ මූල්‍ය ශක්තිය මැන බැලීමට මෙන්ම ගනුදෙනුකරුවන්ට ණය දීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කිරිමටයි.

මෙහිදී භාණ්ඩාගාර, ආයෝජන බැංකු සහ මූල්‍ය ආයතනවල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශමීලා සේනාරත්න ලොකු කළුගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ ආයෝජකයන් බැංකුව කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූති වන්ත වන බවයි.

ශ්‍රී ලංකාවේ විශාල බැංකු සඳහා වන 13.5% ප්‍රාග්ධන අවශ්‍යතාව අභිබවා යමින් වසර අවසාන වන විට බැංකුවේ මූල්‍ය තත්ත්වය සර්වකාලීන ඉහළම මට්ටමට ගෙනයාමට මෙම සාර්ථකත්වය ඉවහල් වන බව මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ක්ලයිව් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා.

(colombotimes.lk)