22 November 2024


සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි



ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරුවෙක් සහ කඩුලු රකින්නෙක් වන මැතිව් වේඩි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග 36ක් සහ සීමිත පන්දුවාර තරග 189ක් ක්‍රීඩා කර තිබෙන බවයි සඳහන් වන්නේ.

2021 වසරේ ඕස්ට්‍රේලියාව T20 ලෝක ශූරයන් ලෙස පත්වීමේදී එම කණ්ඩායමේ උප නායකයා ලෙස ඔහු කටයුතු කළා.

36 හැවිරිදි මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය වසර 13ක් නියෝජනය කර තිබෙනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියා - පාකිස්ථාන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔහු එක් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)