22 November 2024


පොල් හිඟය අවසන් වන දිනය ගැන ඉඟියක්



රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතින බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා.

එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළයාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බවද  ඇය වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)