කිරම ඔය අවට ප්රදේශ කිහිපයක ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
ඒ කිරම ඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන්.
වීරකැටිය ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ගයාන් මාදුවාගොඩ සඳහන් කළේ බෙලිඅත්ත, තංගල්ල, වලස්මුල්ල, ඔකේවෙල ප්රදේශවල කිරම ඔය අවට ජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු බවයි.
මේ අතර කිරම ඔයෙන් වරාපිටිය ජලාශයට අඩි 3 බැගින් වාන් දොරටු 2ක්ද කැකිරියගොඩ ජලාශයට අගල් 14 බැගින් වාන් දොරටුවක් ද විවෘත කර තිබෙනවා.
(colombotimes.lk)