22 November 2024


මහනුවර නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්



මහනුවර නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද (29) දහවල් 12.00 දක්වා ජල කප්පාදුවක් සිදු කරන බව නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ සඳහන් කළා.

ඇය කියා සිටියේ ගුඩ්ෂෙඩ් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අතරතුර ප්‍රධාන ජල නලයක පිපිරීමක් සිදුවී ඇති බවයි.

ඊට අදාළ නඩත්තු කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද ඇය සඳහන් කළා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ තැන්නේකඹුර, විලියම් ගොපල්ලව මාවත, සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, බහිරවකන්ද, ගුරුදෙණිය සහ අම්පිටිය ඇතුලු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුව සිදු කරන බවයි.

(colombotimes.lk)