25 November 2024


අල් - ෂිෆා රෝහල සමූහ මිනී වලක් වෙයි



ගාසා තීරයේ විශාලම සහ හොඳම රෝහල වූ අල් - ෂිෆා රෝහලේ වත්මන් තත්වය ඉතා ඛේදනීය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය සතිවලදී එම ස්ථානයෙන් සමූහ මිනී වලවල් හතරක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහි තිබී මළ සිරුරු සිය ගණනක් සොයා ගත් බව පලස්තීන සෝදිසි කණ්ඩායම් පවසනවා.

ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ අල් - ෂිෆා රෝහල් සංකීර්ණයෙන් අප්‍රේල් 01 වනදා නිල වශයෙන් ඉවත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නමුත් හමාස් සංවිධානය එම ස්ථානයේ යළිත් රැස් වී ඇති බව ඊශ්‍රායල ප්‍රකාශ කිරීමෙන් පසු සති දෙකක හදිසි වැටලීමක් සිදු කළ බව සඳහන්.

(colombotimes.lk)