ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙරවරු 7.00ට ආරම්භ වුණා.
ඒ ඡන්ද මධ්‍යස්ථාන 48කදීයි.
එම ඡන්ද සලකුණු කිරීම සාමකාමීව පැවැත්වෙන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ඩබ්ලිව්. ඒ. ධර්මසිරි ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ දහවල් 2.00 වන විට ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 40%ක් ඡන්දය භාවිත කර ඇති බවයි.
මෙම මැතිවරණය සඳහා ඡන්ද දායකයන් 55,000 දෙනෙක් ලියාපදිංචි වී සිටිනවා.
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා නියෝජිතයන් 28 දෙනෙක් තෝරා ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 8ක් හා එක් ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයන් 279 දෙනෙක් මැතිවරණයට ඉදිරිපත්වී සිටින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)