දෙසැම්බර් මාසයේ මුල සිට විදේශ ගමන්බලපත්ර නිකුත් කිරීම වේගවත් කිරීමට හැකිවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ඉදිරියේදී හිස්ගමන් බලපත්ර ලක්ෂ 7කට වැඩි ප්රමාණයක් ලැබීමට නියමිත බවයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විදේශ ගමන්බලපත්ර නිකුත් කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්රමවේදයක් සකස් කරමින් සිටින බවත්, එම ක්රමවේදය නුදුරු දිනයකදීම ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)