22 November 2024


මුදල් මුද්‍රණය කිරීම ගැන රජයෙන් නිවේදනයක්



රජය මෙතෙක් කිසිදු මුදල් මුද්‍රණයක් සිදු කර නොමැති බව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (29) පැවති කැබිනට් මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රජය විසින් මුදල් මුද්‍රණය කර ඇති බවට සඳහන් පුවත ව්‍යාජ පුවතක් බවයි.

එමෙන්ම කිසිඳු රටකින් හෝ ආයතනයකින් රජය ණය ලබා ගැනීමක් සිදුකර නොමැති බවත් මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර කල් පිරෙන විට ඊට සමගාමීව නව ඒවා නිකුත් කරන බවත් ඔහු සදහන් කළා.

(colombotimes.lk)