22 November 2024


2024 සාමාන්‍ය පෙළ විභාගය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්



ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි 27 වනදා ආරම්භ වීම හේතුවෙන්.

පාසල් වාර සටහන සම්බන්ධයෙන් 1997 අගෝස්තු මාසයේ නිකුත් කර ඇති චක්‍රලේඛනයට අනුව වර්ෂයකට දින 210ක් පාසල් පැවැත්විය යුතුයි.

කෙසේ වෙතත් ලබන වසරේදී රජයේ හා රජයේ අනුමත සියලුම පාසල්, අනුමත පිරිවෙන් පැවැත්වීමට හැකියාව ඇත්තේ දින 181ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

එමෙන්ම 2024 අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)