22 November 2024


ගම්මන්පිලගෙන් අමාත්‍ය විජිත හේරත්ට තවත් අභියෝගයක්



පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කර තිබූ පරීක්ෂණ කමිටුවක ප්‍රධානත්වය දැරූ විශ්‍රාමික විනිසුරුතුමියට නගන චෝදනා සාක්ෂි සහිතව ඔප්පුකරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්ට අභියෝග කර තිබෙනවා.

ඒ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව නිකුත් කිරීම සඳහා ඔහුගේ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවේදීයි.

(colombotimes.lk)