ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම හෙට (26) පැවැත්වෙනවා.
ඒ අනුව ඊට අදාළ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද (25) උදෑසන ආරම්භ වනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලයේදී එම කටයුතු සිදු වන බවයි.
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන 48ක් සඳහා නිලධාරීන් ප්‍රවාහනයද අද දිනයේ සිදු වනවා.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද ඔහු ප්‍රකාශ කළා.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ හෙට පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්දය ගණන් කිරීමද ඡන්ද මධ්‍යස්ථානවලදීම සිදු කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)