ශ්රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බව ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති Julie Chung පවසනවා.
අද (28) කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් ඇය මේ බව ප්රකාශ කළා.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකානු ජාතිකයන්ට ආරුගම්බේ ප්රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස පමණක් උපදෙසක් ලබා දී ඇති බවයි.
(colombotimes.lk)