හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට (31) යෙදී තිබෙනවා.
ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපවාලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයයි.
විෂ්ණු දෙවියන් නරගාසුරන් නැමති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණ වනවා.
අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා කියා ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදු කරනු ලබනවා.
(colombotimes.lk)