22 November 2024


විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය උපයෝගිතා කොමිසමට



විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ මේ වන විට පවතින මිල සූත්‍රයට අනුව එම යොජනාවලිය සකස් කළ බවයි.

මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය ලබාදීමෙන් අනතුරුව විදුලි බිල අඩු කිරිමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කරන බවද ඔවුන් පවසනවා.

මේ අතර බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිසම සඳහා නව සාමාජිකයින් නම් කිරීම ජනාධිපතිවරයා සිදු කරන බවයි.

විදුලි බිල අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය මේ වසරේ යෝජනාවලියක් ඉදිරිපත් කරන 03 වන අවස්ථාවද මෙය වනවා.

(colombotimes.lk)