22 November 2024


පුංචි ඡන්දයේ ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි



ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙරවරු 7.00ට ආරම්භ වුණා.

ඒ ඡන්ද මධ්‍යස්ථාන 48කදීයි.

මෙම මැතිවරණය සඳහා ඡන්ද දායකයන් 55,000 දෙනෙක් ලියාපදිංචි වී සිටියා.

ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා නියෝජිතයන් 28 දෙනෙක් තෝරා ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 8ක් හා එක් ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයන් 279 දෙනෙක් මැතිවරණයට ඉදිරිපත්වී සිටින බවයි වාර්තා වන්නේ.

ඇල්පිටිය මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානයේදීම ගණන් කිරීමේ කටයුතුද සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.
 
ඔහු කියා සිටියේ ගණන් කිරීමේ කටයුතු අවසන් කළ පසු ගාල්ල තේරීම් භාර නිලධාරියාට එම ප්‍රතිඵල ලබා දෙන බවයි.

අනතුරුව තේරී පත්වන සභිකයන් සංඛ්‍යාව සහ එක් එක් දේශපාලක පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව නිවේදනය කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)