22 November 2024


Whatsapp ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වන ව්‍යාජ පණිවිඩයක් ගැන විශේෂ දැනුම්දීමක්



WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවිඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මඟින් පුද්ගල දත්ත සහ මූල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදු කරන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවයි.

විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර්ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් මෙම වංචා සිදුවන බව ඔවුන් සඳහන් කළා.

ඒ අනුව පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාභදායි භාණ්ඩ online ක්‍රමයට ලබාදීම, රැකීරක්ෂා ලබාදීම ආදිය සඳහා ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ සහ WhatsApp පණිවුඩ මඟින් OTP, password තොරතුරු ඉල්ලා එවන පණිවිඩවලින් ප්‍රවේසම් වන ලෙසද එම සංසදය දැනුම් දුන්නා.

(colombotimes.lk)