22 November 2024


ආහාර උද්ධමනය චුට්ටක් වැඩි වෙයි



කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් මාසයේ -0.5% හා සසඳන විට ඔක්තෝම්බර් මාසයේදී -0.8% දක්වා අඩු වී තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2024 ඔක්තෝබර් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.0% දක්වා වැඩි වී ඇති බවයි.

එය 2024 සැප්තැම්බර් මාසයේදී -0.3%ක්  ලෙස වාර්තා වුණා.

එමෙන්ම 2024 සැප්තැම්බර් මාසයේදී -0.5%ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ඔක්තෝබර් මාසයේදී -1.6%ක් දක්වා අඩු වී තිබෙනවා.   

(colombotimes.lk)