විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ VFS වීසා සිදුවීම් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සිදුවී ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා එම විගණනය සිදු කරන බවයි.
ඒ හරහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ හදිසි අවශ්‍යතාවයකට හැර මේ මාසය තුළදී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමෙන් වළකින ලෙසයි.
(colombotimes.lk)