මැදපෙරදිග ඇති වී තිබෙන යුධමය තත්ත්වය හේතුවෙන් ලොව රන් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට රන් මිලද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට ඉතිහාසයේ ප්රථමවරට හෙට්ටිවීදියේ කැරට් 24 මෙන්ම කැරට් 22 රන් මිල රුපියල් 200,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඔක්තෝම්බර් 31වනදා වන විට හෙට්ටිවිදියේ කැරට් 24 මිල සටහන් වුණේ රුපියල් ලක්ෂ 220,000 ලෙසයි.
එය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කර තිබූ අතර කැරට් 22 රන් මිල 200,000 ලෙස ඉහළම අගයන් වාර්තා කර තිබුණා.
(colombotimes.lk)