හමාස් සංවිධානය සහ ඊජිප්තුවේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (24) කයිරෝ නුවරදී පවත්වා තිබෙනවා.
එහිදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන හම්ඩාන් සඳහන් කළේ ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම ගාසා තීරයෙන් ඉවත්වන තුරු සටන් විරාමයකට එකඟ නොවන බවයි.
හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නේද ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම ගාසා තීරයෙන්ඉවත් වූ පසුව බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)