කොළඹ ඉතාලි තානාපති කාර්යාලය අසලදී සැකපිට පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයාව ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවයි වාර්තා වන්නේ.
සැකකරු එම තානාපති කාර්යාලය ඡායාරූප ගත කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ලේඛන කිහිපයක් ද සොයාගත් බව පොලීසිය පවසනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි යාගොඩමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)