08 November 2024


කරාපිටිය ජාතික රෝහලේ වැඩවර්ජනය අවසන්



කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් ඊයේ (01) ප. ව. 5.00 සිට පැය 24ක කාලයක් සඳහා ක්‍රියාත්මක කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

එම රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝහලේ තවත් වෛද්‍යවරු කිහිපදෙනෙක්ට තර්ජනය කළ බව පවසමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වර්ජනයේ නිරත වෛද්‍යවරු කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා සමඟ අද (02) සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හැරීමට තීරණය කර තිබෙනවා.

වර්ජනයේ නිරත වෛද්‍යවරුන් කියා සිටියේ අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් එළඹෙන සඳුදා යළි වර්ජනයක් ආරම්භ කරන බවයි.

කරාපිටිය රෝහලේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම වෛද්‍යවරුන් මෙම වර්ජනයට එක්වී තිබෙනවා.

එමනිසා සායනික ප්‍රතිකාර සිදු නොකිරීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)