22 November 2024


ලොහාන් රත්වත්තේගේ බිරිඳත් රිමාන්ඩ්



නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේව එළඹෙන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඇයට කළ දැනුම්දීමකට අනුව ගංගොඩවිල අධිකරණය හමුවේ අද (04) පෙනී සිටීමෙන් අනතුරුවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මිරිහාන පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම්දීම් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඇය අද අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)