බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (E.T.U) ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේව එම ඒකකයෙන් ඉවත්කර කොළඹ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කළේ පසුගියදා රාත්‍රීයේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොහාන් රත්වත්තේව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.
හදිසි ප්‍රතිකාර ඒකකයේ (E.T.U) වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් අනතුරුව ඔහුව මෙලෙස නේවාසික ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමුකර තිබෙනවා.
ඒ අනුව මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)