මහනුවර - කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මිරිහාන පොලීසිය වෙත රැගෙනවිත් තිබෙනවා.
නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අද (31) අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලීසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි.
(colombotimes.lk)