08 November 2024


ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට



නීතිවිරෝධී අයුරින් එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතා කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේව වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහ­ලට යොමු කර තිබෙනවා.

බන්ධ­නා­ගාර කොම­සා­රිස්, මාධ්‍ය ප්‍රකා­ශක ගාමිණී දිසා­නා­යක සඳහන් කළේ අධි­ක­ර­ණ­යෙන් ලැබූ නියෝග මත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව අඛ­ණ්ඩව ලබා­දිය යුතු වෛද්‍ය ප්‍රති­කාර සඳහා බන්ධ­නා­ගාර රෝහ­ලට ඇතු­ළත් කළ බවයි.

ඔහු අග්න්‍යාශ ප්‍රදාහය (Pancreatitis) අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty liver) ඇතුළු රෝග ගණ­නා­ව­කින් පෙ‍ළෙන බව බන්ධ­නා­ගාර රෝහල් ආරංචි මාර්ග සද­හන් කළා.

එබැ­වින් ඔහු අඛ­ණ්ඩව ඖෂධ භාවිත කරන අතර ඒ වෙනු­වෙන් බන්ධ­නා­ගාර රෝහ­ලට ඔහුව යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)