23 November 2024


මහින්ද සහ රනිල් හදිසියේ හමුවෙයි



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) පවත්වා තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසේදී බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත් කරන ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා ප්‍රකාශයට පත් කරන බවද සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)