23 November 2024


පොහොට්ටුවේ තීරණය ගැන මිලින්ද කියන දේ



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ අද (02) ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම තීරණය වෙනස් කිරීමට නම් නැවත දේශපාලන මණ්ඩලය රැස්වී වාද විවාද කර ඡන්ද විමසීමක් කළ යුතු බවයි.

එමෙන්ම කිසියම් හේතුවක් මත පක්ෂයේ සාමාජිකයන් පක්ෂයෙන් ඈත් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් හෝ උත්සාහයක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)