උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර - මහව අතර කොටසේ දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබෙනවා.
ඒ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුවයි.
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගැනීමද මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොළගේ සඳහන් කළා.
දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමත් සමඟ හරස් මාර්ග භාවිත කරන විට විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.
(colombotimes.lk)